ප්රංශය පුරා සිදුවන දැවැන්ත වැඩවර්ජනයක් හේතුවෙන් පාසල් සහ පොදු ප්රවාහන සේවා ආදී සියල්ල අඩපණ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන්ම ශ්රමිකයන් විශ්රාම යන වයස දීර්ඝ කිරීමත් ඒ සමග ඔවුන්ට විශ්රාම වැටුප් ප්රමාදවී ලැබීමත් යන කරුණ සම්බන්ධයෙන් මෙම වැඩ වර්ජනය ආරම්භ වී තිබේ.
ආරම්භයේදී පාසල් ගුරුවරු සහ ප්රවාහන ක්ෂේත්රයේ වෘත්තිකයන් ආරම්භ කළ වැඩවර්ජනයට පසුව පොලීසිය, නීතීඥයන්, රෝහල් කාර්ය මණ්ඩල මෙන්ම ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලද එක්ව තිබේ.
වසර ගණනාවකට පසුව ප්රංශයේ සිදුවන දැවැන්තම වැඩවර්ජනය මෙය ලෙස සැලකෙන අතර, වත්මන් ජනපති මැක්රෝන්ගේ විශ්රාම වැටුප් සංශෝධන වැඩපිළිවෙළ දැඩි දෝෂදර්ශනයට ලක්වෙමින් තිබේ.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය යළි යථාතත්ත්වයට පත්කිරීම සඳහා බලධාරීන් සාකච්ඡා කරමින් පවතින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.