හැරී - මේගන් රාජකීය විවාහ මංගල උත්සවයට තමන් නොපැමිණෙන බව පවසද්දී දියණිය මේගන් හඬා වැටුණු බව තෝමස් මර්කල් පවසයි.
එමෙන්ම, දියණිය දේවස්ථානයේ අල්තාරය වෙත කැඳවාගෙන යෑමට නොහැකි වීම ගැන කනගාටුවක් ඇති බවත් ඔවුහු කියයි.
ගුඩ් මෝනිං බ්‍රිට්න් රූපවාහිනී වැඩසටහන සමග එක්වෙමින් මේගන් කුමරියගේ පියා තෝමස් මර්කල් මෙම අදහස් පළ කර තිබේ.
"තම ආදරණීය දියණියව දේවස්ථානයේ අල්තාරය වෙත කැඳවාගෙන යන ආඩම්බරකාර පියෙකු නොවී, ඉතිහාසයේ සුවිශේෂී මොහොතක පාද සටහනක් බවට පත්වීමට මට සිදුවුණා. එය යම්තාක් දුරකට මා කනස්සල්ලට පත් කළා."
ශල්‍යකර්මයට මුහුණදීමෙන් අනතුරුව ඇමෙරිකාවේ සිට රාජකීය විවාහ මංගල්‍යය රූපවාහිනිය ඔස්සේ නැරඹූ බවද හෙතෙම පවසයි.
හැරී කුමරුට සහ දියණිය මේගන්ට සංවේගජනක දුරකතන ඇමතුමක් ලබාදෙමින් විවාහ මංගල්‍යයට නොපැමිණෙන පුවත ඔවුන්ට සැලකර සිටි බව ඔහු සඳහන් කරයි.
"ඔවුන් බොහෝ සෙයින් දුක් වුණා. ඔවුන් දෙදෙනාම කියා සිටියේ, 'ඔබ හොඳින් ඉන්න... අප දෙදෙනාම ඔබ ගැන කනස්සල්ලෙන්' බවයි."
තෝමස් මර්කල් විවාහ මංගල්‍යයට සහභාගී නොවූ නිසා මේගන්ගේ පියා වෙනුවෙන් චාල්ස් කුමරු ඇයව දේවස්ථානයේ අල්තාරය වෙත කැඳවාගෙන පැමිණියේය. ඒ දසුන තමන්ට තුළ යම් ඊර්ෂ්‍යාවක් ඇති කළ බවද ඔහු පවසයි.
"කෙසේ වෙතත් එය මට ගෞරවයක් බව පැවසිය යුතුයි. චාල්ස් කුමරුන් හැර ඒ අවස්ථාවට වෙනත් විකල්පයක් ගැන මට හිතන්න බෑ."
"ඔහු දියණියව කැඳවාගෙන යනු දැකීමෙන් ඇස්වලට කඳුළු නැගුණා. ඒ අවස්ථාවේදී ඔහුගේ අත වෙනුවට මගේ අත ඇය අල්ලාගෙන සිටියේ නම් කියා සිතුණා."