වඳවී යන නිල් පෙන්ගුවින් සොරා ගත් පුද්ගලයන් සොයා මෙහෙයුම්
වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින නිල් පෙන්ගුවින් පැටවුන් තිදෙනෙකු උන් රැඳී සිටි බෙනයේ සිටියදී සොරාගෙන තිබේ.
මෙම පෙන්ගුවින් පැටවුන් බෙනයෙන් ඉවතට ගැනීම සඳහා මුලින්ම ඇලවංගුවක් යොදගෙන බෙනය හාරා ඇති අතර, පසුව තොණ්ඩුවක් එම සතුන්ගේ බෙල්ලට දමා උන් පිටතට ගැනීමට කටයුතු කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳ පොලිස් පරීක්ෂණ සිදුවන අතර, මොවුන් තොණ්ඩු දැමීමේදී ගෙල තදවීමෙන් එක් පැටවෙකු මියගොස් ඇත.
හෝව්ක්ස් වෙරළ තීරය ආසන්නයේදී මෙය සිදුව ඇති අතර, මියගිය පැටවා අත්හැර අනෙක් පැටවුන් පැහැරගෙන ගොස් තිබේ.
පෙන්ගුවින් කුලයේ ප්රමාණයෙන් කුඩාම සත්ත්වයා ලෙස සැලකෙන නිල් පෙන්ගුවින්, නවසීලන්තය තුළ ආරක්ෂා කළ යුතු සත්ත්ව කොට්ඨාසයක් ලෙස සැලකෙයි.
මෙම පෙන්ගුවින් සොරාගැනීම පසුපස එම සතුන් විකිණීමේ ජාවාරමක් පවතිනු ඇති බව පොලීසිය විශ්වාස කරන අතර, මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සොයා මේ වනවිටත් මෙහෙයුම් දියත් කර තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

