වෙනිසියුලාවේ හමුදාව තමාට පක්ෂපාතීව කටයුතු කිරීම සම්බන්ධයෙන් එරට ජනපති නිකොලාස් මදුරො විසින් ඔවුන්ව විශේෂ ඇගයීමකට ලක්කර තිබේ.
විශේෂයෙන්ම, ඇමෙරිකානු සහ වත්මන් විපක්ෂ නායක ජුආන් ගුආයිදෝගේ මැදිහත්වීමෙන් සිදුවීමට ගිය හමුදා කුමන්ත්රණය අවස්ථාවේදී එසේ ක්රියාකිරීම මදුරොගේ මෙම කතාවට හේතු වී ඇත.
මදුරො පක්ෂපාතී ආධාරකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ රැලියකදී ඔහු මෙම අදහස් දැක්වීම සිදුකළ අතර, මීට සමගාමීව විපක්ෂ නායක ගුආයිදෝගේ ආධාකරුවන් කරකාස් නුවරදී පොලීසිය සමග ගැටුණු බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, ඇමෙරිකාව ප්රමුඛ යුරෝපා රටවල්වල සහාය සමග ගුආයිදෝ පසුගියදා තමන් එරට අන්තර්වාර අගමැති ලෙස ප්රකාශ කළත්, චීනයේ සහ රුසියාවේ සහාය ලබන මදුරො තවමත් රටේ ආරක්ෂක අංශවලද සහාය ඇතිව පාලන බලයේ රැඳී සිටියි.