ලෝකයේ දීර්ඝතම ගුවන් ගමනට හිමි වාර්තාව සමන් සතු කර ගැනීමට චීනයේ චයිනා ඊස්ටන් ගුවන් සේවය සැලසුම් කර තිබේ. ඒ අනුව එම ගුවන් සේවය මේ වසර අවසානයේදී චීනයේ ෂැංහයි සිට ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් මෙම ගුවන් ගමන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
දෙසැම්බර් 4 වන දින සිට චීනයේ පුඩොං ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සිට ආර්ජන්ටිනාවේ මිනිස්ට්රෝ පිස්ටාරිනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා මෙම ගුවන් ගමන සතියකට දෙවරක් ක්‍රියාත්මක වීමට නියමිතය.
MU745 සහ MU746 ලෙස නම්කර ඇති මෙම ගුවන් ගමන හරහා ආවරණය කරන දුර සැතපුම් 12,500 ක් පමණ වෙයි. මේ වෙනුවෙන් ගුවන් සමාගම පුළුල් බඳ සහිත Boeing 777-300 ER ගුවන් යානා භාවිත කිරිමට නියමිතය.
ගුවන් ගමන සඳහා වන ටිකට්පත් මිල ගණන් ද ගුවන් සමාගම විසින් නිවේදනය කර ඇත. ර් අනුව පිරිමැසුම්දායක පංතියේ ආසනයක් $1,525-2,254 අතර පරාසයකට හා ව්‍යාපාරික පන්තියේ ආසනයක් $4,994 ක මිලකට නියම කර තිබේ.