ලොස් ඇන්ජලීස් ප්‍රදේශයක් භූ කම්පනයකින් සෙලවෙයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ ලෙනොක්ස් ප්‍රදේශයට ඇති වූ සුළු කම්පන කිහිපයකින් පසුව රික්ටර් මාපකයේ 4.0ක භූමිකම්පාවකින් දැඩි සෙලවීමකට එම ප්‍රදේශය ලක්වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
මුලින් රික්ටර් පරිමාණ 2.5ක භූ කම්පනයක් ලෙස සුළු කම්පන කිහිපයක් වාර්තා වීමෙන් පසුව පොළව අභ්‍යන්තරයේ කිලෝමීටර් 19.9ක් ගැඹුරින් රික්ටර් පරිමාණ 4.0ක භූ කම්පනය වාර්තා වී තිබේ.
ලෙනොක්ස් යනු ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපලට සැතපුම් කිහිපයක් නැගෙනහිරින් පිහිටි ප්‍රදේශයක් වන අතර, භූ කම්පනයෙන් ජීවිත හානි පිළිබඳ වාර්තා වීමක් නොමැති බව විදෙස් වාර්තා පවසයි.


popular news
-
Kumar Wednesday, 07 April 2021 07:00 AM
Many small earthquakes are better than one big one. These small quakes release stress along major fault lines.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

