ලොව පුරා කොවිඩ් ආසාදිත වූවන් 15,00,000 සීමාව කරා
- 22 07 2020
- 06:33
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 615,364ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (22දා) උදෑසන වාර්තා කරයි.
එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි පනස් ලක්ෂයේ සීමාවට පැමිණ ඇති අතර, එය අද (22දා) උදෑසන එම දත්ත වාර්තා පෙන්වා දුන්නේ ආසාදිතයන් 14,893,706ක් ලෙසිනි.
කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 8,428,427ක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
