ලොම්බොක් භූ කම්පනයෙන් පසුව ප්‍රබල පසුකම්පන පිළිබඳ අවදානම
ඉන්දුනීසියාවේ, ලොම්බොක් දූපතේ පසුගිය ඉරිදා සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් පසුව තවත් ප්‍රබල පසු කම්පන කිහිපයක් ඇති වී තිබේ.
රික්ටර් පරිමාණ 6.9ක් ලෙස ඉරිදා ඇති වූ භූ කම්පනයෙන් අතුරුදන්වූවන් සොයා සුන්බුන් අතර සිදුවන සෝදිසි මෙහෙයුම් අඩාල කිරීමට මෙම ප්‍රබල පසුකම්පන හේතු වූ බවද කියැවෙයි.
ඒ අනුව, රික්ටර් පරිමාණ 5.9ක් සහ 6.2ක් ලෙස ඇති වූ පසුකම්පන සමග ලොම්බොක් දූපතේ ගොඩනැගිලි රැසක් සෙලවී ගිය බවත්, ඇතැම් ගොඩනැගිලිවලට දැඩි අලාභානි සිදුවූ බවත් විදෙස් වාර්තා පවසයි.
ඉරිදා ඇති වූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 131ක් ලෙස නිල වශයෙන් දන්වා සිටියත්, පළාත් දත්ත අනුව මියගිය සංඛ්‍යාව 226කි. මේ අතර, ප්‍රදේශයේ මාධ්‍ය වාර්තාවන්ට අනුව මියගිය සංඛ්‍යාව 347ක් තරම් ඉහළ බවද කියැවෙයි.
එම භූ කම්පනයෙන් ඇතැම් ගම්මාන සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය අතර, පුද්ගලයන් 1,400ක් පමණ තුවාල ලැබීය. එමෙන්ම, 156,000ක පිරිසකට උන්හිටි තැන් අහිමි වී තිබේ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

