ලිංගික හිංසනයට විරුද්ධ වූ ඉන්දීය පාසල් ශිෂ්‍යාවන් පිරිසකට පහරදීලා
ඉන්දියාවේ ඊසානදිග ඇසෑම් ප්‍රාන්තයේ කාන්තා විද්‍යාලයක් වෙත ඇතුළු වූ පිරිසක් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් එම විද්‍යාලයේ ශිෂ්‍යාවන් 34 දෙනෙකු තුවාල ලබා තිබේ.
එම විද්‍යාලයේ පාසල් ශිෂ්‍යාවන් පිරිසකට ලිංගික අඩන්තේට්ටම් කිරීමට උත්සාහ කළ පිරිමි ළමයින් පිරිසකට දැනමුතුකම් ලබාදීමට ගුරුවරුන් ඇතුඵ වැඩිහිටියන් උත්සාහ කළ අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇත.
එහිදී, අදාළ පිරිමි ළමයින්ගේ දෙමවුපියන් මෙන්ම, ඇතැම් හඳුනා නොගත් පිරිස්ද අතට හසුවන මුගුරු රැගෙන පාසලට කඩා වැදී පහරදීම ආරම්භ කළ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පිරිමි ළමයින් හය දෙනෙකු සහ වැඩිහිටි කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.
ඉන්දියාව තුළ කාන්තා හිංසනය හා ලිංගික ප්රචණ්ඩත්වය දිනෙන් දින වර්ධනය වන අතර, එය පාසල් පද්ධතිය තුළද ඔඩුදිවීමට පටන්ගෙන ඇති බව එරට මාධ්‍ය පෙන්වා දෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

