ලැව්ගිනිවලට මැදිව බේරාගැනුණු ඔස්ට්‍රේලියානු කෝලා ජීවිතක්ෂයට
ඔස්ට්‍රේලියානු ලැව්ගිනි නිසා පිළිස්සුම් තුවාල ලබා සිටියදී බේරාගැනීමේ සිද්ධියත් සමග ලොව පුරා ආදරය හා අනුකම්පාව දිනාගත් කෝලා වළසා දිවියෙන් සමුගෙන ඇති බව වාර්තාවෙයි.
ලුවිස් නමින් නම්කර තිබූ මෙම කෝලා වළසාගේ ශරීරයේ වූ පිළිස්සුම් තුවාලවලට දිගින් දිගටම ප්‍රතිකාර කරනු ලැබූවද, බේරාගන්නා අවස්ථාව වනවිටත් දැඩිව පිළිස්සී සිටි මෙම සත්වයා බේරාගැනීමට පශු වෛද්‍යවරුන්ට නොහැකි වී තිබේ.
ටෝනි දොරති නමැති කාන්තාවක විසින් මෙම සත්වයා බේරාගනු ලැබූ අතර, පසුව ඇය හැඳ සිටි කමිසය ගලවා එම සත්වයාට දවටාගෙන පැමිණි දර්ශනය බොහෝ දෙනෙකුගේ දෙනෙතට කඳුළු නංවන සිදුවීමක් විය.
පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාව පුරා පැතිරුණු ලැව්ගිනි හේතුවෙන් මේ දක්වා පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව නිවාස 500ක් පමණ විනාශ වී ඇත. මෙම ස්වභාවික ව්‍යසනය හේතුවෙන් දිවි අහිමි වූ වන සතුන් සංඛ්‍යාව අතිශය ඉහළ බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.







popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

