සිරගතව සිටින හිටපු බ්‍රසීල ජනපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාට ලබන ඔක්තෝබරයේ පැවැත්වෙන බ්‍රසීල ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා හිමිව තිබේ.
දූෂණ චෝදනා යටතේ වසර 12ක සිර දඬුවමකට යටත්ව සිටින හිටපු ජනාධිපතිවරයා ඔවුන්ගේ කම්කරු පක්ෂ අපේක්ෂකයා බව පවසමින් ලූලා ආධාරකරුවන් 2,000ක් පමණ සාඕ පෝලෝ නුවරට රැස්ව සිටියේ ලූලාගේ රුව සහිත වෙස් මුහුණුද පලඳිමිනි.
තමාට එරෙහිව ඇති දූෂණ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන ලූලා පවසන්නේ, එය තමන් යළි බලයට පැමිණීම වැළැක්වීම සඳහා ගනු ලැබූ දේශපාලන කුමන්ත්‍රණයක් බවයි.
සාඕ පෝලෝ නුවරදී ලූලා ආධාරකරුවන් වෙනුවෙන් විශේෂ පණිවුඩයක්ද ඔහුගේ ප්‍රකාශකයෙකු විසින් ඉදිරිපත් කරන ලදී.
"ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ තමන්ට කැමති පුද්ගලයා තෝරාගැනීමේ ජනතා අයිතිය උදුරා දැමීමටයි" ඔහුගේ පණිවුඩයේ විය.
"ඒ වගේම, ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ ජනතාවගෙන් තොර ප්රජාතන්ත්රවාදයක් ගොඩනැගීමටයි. අපට දැවැන්ත වගකීමක් අපේ හිස මත පැටවී තිබෙනවා" ඔහුගේ පණිවඩුයේ වැඩිදුරටත් සඳහන් විය.
කෙසේ වෙතත්, ලූලා සමග උප ජනපති ධුරයට තරග කරන අපේක්ෂකයා ඔහුගේ කම්කරු පක්ෂය විසින් මෙතෙක් නම් කර නොමැත.