රික්ටර් පරිමාණ 6.9ක ප්‍රබල භූ කම්පනයක් ලෙස පසුගිය ඉරිදා ඉන්දුනීසියාවේ, ලොම්බොක් දූපතේ සිදුවූ මහා ඛේදවාචකයෙන් මියගිය පිරිස 100කට ආසන්න බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, පුද්ගලයන් 20,000කට මෙම භූ කම්පනය නිසා උන්හිටි තැන් අහිමිව ඇත්තේ බොහෝ නිවාස හා ගොඩනැගිලි සුණුවිසුණු වී ගොස් ඇති නිසාය.
මේ අතර, ලොම්බොක් හි මුස්ලිම් දේවස්ථානය කඩා වැටීමෙන් තවත් ජීවිත හානි සිදුවන්නට ඇතැයි විශ්වාස කරන අතර, එහි සිරවූ පුද්ගලයන් සොයා සිදුකරන මෙහෙයුම් තවදුරටත් සිදුවෙයි.
පසුගිය දින දෙක තුළ සිදුකරන ලද මුදාගැනීම් මෙහෙයුම්වලදී පුද්ගලයන් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවුවත්, දැවැන්ත කොන්ක්‍රීට් තට්ටුවලට යටවූවන්ගේ ජීවිත අවදානම ඉහළ බව බලධාරීහු පවසති.
මේ අතර, භූ කම්පනයෙන් මියගිය පිරිස සම්බන්ධ මරණ සංඛ්‍යාව 98ක් බව නිල වශයෙන් රජය ප්‍රකාශ කළද, මෙය තවත් බහළ යා හැකි බවද විශ්වාස කෙරෙයි.
මෙම ලොම්බොක් දූපත ආශ්‍රිතවම මීට සතියකට පෙර ඇති වූ භූ කම්පනයෙන්ද පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, මෙවර භූ කම්පනය ඊට වඩා අති ප්‍රබල භූ කම්පනයක් ලෙස ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙයි.