බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට මෝටර් රථයක් හප්පා ත්‍රස්ත ක්‍රියාවක් කිරීමට කටයුතු කළ පුද්ගලයා සාලිහ් ඛාටර් ලෙස හඳුනාගෙන තිබේ.
බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි, සුඩානයෙන් සංක්‍රමණය වූවෙකු ලෙස සැලකෙන 29 හැවිරිදි මොහු, ඝාතන උත්සාහයක් කිරීම සම්බන්ධයෙන් වරදකරු කරමින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සංක්‍රමණිකයෙකු ලෙස බ්‍රිතාන්‍යයට පැමිණි මොහු පසුව බ්‍රිතාන්‍ය තුළ සරණාගතභාවය හිමි කරගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.
ඔහුගේ සහෝදරයා පවසා ඇත්තේ කිසිදු ආගමික අන්තවාදී කණ්ඩායමක් සමග තම සහෝදරයාට සබඳතාවක් නොමැති බවයි. එමෙන්ම, ඔහු සාමාන්‍ය සන්සුන් පුද්ගලයෙකු බවද ඔහු කියා ඇත.
මෙම අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලැබූ අතර, සිද්ධිය ඇසින් දුටුවන් පවසා සිටියේ ඔහු හිතාමතාම පදික වේදිකාව මතින් ධාවනය කරමින් මිනිසුන් යට කරගෙන යෑමේ උත්සාහයක නිරත වූ බවයි.
යුරෝපය පුරා පසුගිය කාලයේ සිදුකළ හුදකලා ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාර නිසා මෙයද තවත් ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකිය යන සැකය තවමත් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ අත්හැර නැත.