රුසියාව හෙළා දැකීම සඳහා ඇමෙරිකාව චීනය වෙතට
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් චීනය විසින් රුසියාව හෙළා නොදැමීම පිළිබඳ ඔහුගේ ගැඹුරු කනස්සල්ල සහ ඉන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව නායකයන් දෙදෙනාගේ ඉදිරි දුරකථන සාකච්ඡාවේදී චීන ජනපති ෂී ජින්පිං සමග බෙදාගනු ඇති බව ධවල මන්දිරය පවසයි.
අද (18දා) පැවැත්වීමට නියමිත මෙම ඇමතුම, ජනාධිපති ෂී ජින්පිං සිටින්නේ කොතැනදැයි තක්සේරු කිරීමට ජනාධිපති බයිඩන්ට අවස්ථාවක් යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් ප්සාකි වාර්තාකරුවන්ට පැවසීය.
රුසියාවේ සහ යුක්රේනයේ පමණක් නොව ලොවපුරා රුසියාව කරන දෙය සහ තමන් විසින්ම කරන දෙය චීනය හෙළා දැක නැති බව බවද ප්සාකි වැඩිදුරටත් පැවසීය.
මේ අතර, රුසියාවේ ආක්රමණකාරීත්වයට සහය දැක්වීමට ගන්නා ඕනෑම ක්‍රියාවක් සඳහා චීනය වගකීම දරනු ඇති බව බයිඩන් චීන ජනපතිට පැහැදිලි කරනු ඇති බවත්, එක්සත් ජනපදය සම්බාධක පැනවීමට පසුබට නොවනු ඇති බවත් රාජ්‍ය ලේකම් අන්තනී බ්ලින්කන් සඳහන් කළේය.
මෙම සතිය මුලදී එක්සත් ජනපද ප්‍රකාශයන් අමතමින් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පැවසුවේ බීජිං යුක්රේන ගැටුමේ කොටස්කරුවෙකු නොවන බවය.


popular news
-
sg Saturday, 19 March 2022 06:02 PM
The US needs to look after their own business rather intervention in other countries' internal matters.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

