රුසියාව මර්දනය කිරීමට යාම බටහිරට පාරා වළල්ලක් වේවි
බටහිර ජාතීන් රුසියාව සමග මතභේදය දිගටම පැවතුනහොත් එම රටවල ජනතාව දිගුකාලීනව සිය ජීවන මට්ටම් පහත වැටීමකට සූදානම් කළ යුතු බව බ්‍රිතාන්‍යයේ හිටපු සහකාර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජොනතන් ෂෝ පවසයි.
යුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් "බටහිර රටවල අපට ඇත්තේ වැරදි මානසිකත්වයක්" යැයි ඔහු පැවසීය. වරක් බ්‍රිතාන්‍ය හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වූ ෂෝ සෙනසුරාදා ගුවන්විදුලි සාකච්ඡාවකදී මෙම අදහස් පළ කර තිබේ.
"අපි මානුෂීය උත්සුකයන් සහ පුද්ගල දුක්ඛිත තත්ත්වයන් (යුක්රේනයේ තත්ත්වයන්) වෙත ඇබ්බැහි වී සිටිනවා. එය හොඳ රූපවාහිනී නාට්‍යයක් නරඹනවා වගෙයි. නමුත් යථාර්ථය නම් මෙය ඊට වඩා බෙහෙවින් බරපතලයි" ජෙනරාල්වරයා සඳහන් කළේය.
රුසියාව මීට මාසයකට පෙර යුක්රේනයට පහර දීමෙන් පසු බටහිර රටවල් රුසියාවට දැඩි සම්බාධක පනවා ඇත. එක්සත් ජනපදය සහ කැනඩාව රුසියානු හයිඩ්‍රොකාබන් ඉන්ධන සැපයීමේ අවශ්‍යතාව අත්හැරීම සහ යුරේපා සංගමය හා මහා බ්‍රිතාන්‍ය නුදුරු අනාගතයේදී ඔවුන් සමග සම්බන්ධ වීමට සැලසුම් නිවේදනය කිරීම මෙයට ඇතුළත්ය.
මීට ප්‍රතිචාර ලෙස මොස්කව් විසින් පනවා ඇති සීමා කිරීම් සහ පළිගැනීමේ පියවර දැනටමත් බොහෝ බටහිර ජාතීන් තුළ බලශක්ති සහ ආහාර මිල ගණන් ඉහළ යාමට හේතු වී ඇත. බ්‍රිතාන්‍ය ආහාර බැංකුවලින් නොමිලේ අර්තාපල් ලබාගන්නන්, ඒවා තම්බා ගැනීමට ගෑස් නොමැති නිසා එම අර්තාපල් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා විය. නමුත්, ජෙනරාල් ෂෝ අනාවැකි පළ කළේ මෙය ආරම්භය පමණක් ලෙසය.


popular news
-
Prabath Thursday, 31 March 2022 05:09 AM
not any update
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

