රුසියානු හමුදාවට රාජකාරී කාලයේ ස්මාට්ෆෝන් භාවිතය තහනම් කරයි
- 21 02 2019
- 16:50
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
රුසියානු ආරක්ෂක අංශ සාමාජිකයන්ට රාජකාරී වේලාවේදී ස්මාට් ජංගම දුරකථන භාවිත වළක්වමින් එරට පාර්ලිමේන්තුව විසින් නව නීතියක් සම්මත කර තිබේ.
රාජකාරී අවස්ථාවේදී ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සමාජජාලා භාවිතය එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් ගෙනදී ඇති බැවින් මෙම නීතිය සම්මත කර ඇත.
ඒ අනුව, මින් ඉදිරියට රාජකාරී කාලය තුළ ඡායාරූප, වීඩියෝ පටිගත කිරීම් හෝ අන්තර්ජාලා භාවිතය සිදුකෙරෙන ආකාරයෙන් ස්මාට් ජංගම දුරකථන භාවිතය රුසියානු ආරක්ෂක අංශවලට තහනම් කෙරෙයි.
රුසියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ව්‍යවස්ථා සම්පාදකයන් 450න් 400ක් මෙම පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත්, දුරකථන ඇමතුමක් ලබාගැනීම, කෙටි පණිවුඩයක් යැවීම ආදී සාමාන්‍ය භාවිතයක් සහිත ජංගම දුරකථනයක් රාජකාරී අවස්ථාවේදී භාවිත කිරීමට ඔවුන්ට අවස්ථාව හිමිවෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
