මියන්මාරයට ඇති විශාලතම අභියෝගය වන්නේ අවිශ්වාසය හා බිය, අගතිය සහ වෛරයේ මූලයන් ආමන්ත්‍රණය කිරීම බව එරට නිල නොලත් නායිකාව ලෙස සැලකෙන අවුන් සාන් සූ කී කියයි.
රෝහින්ග්‍යා ජනතාවට ප්‍රහාරයක් එල්ල කළ බවටත්, එහිදී ජන සංහාරයක් සිදුවූ බවත් පවසමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඇයට චෝදනා කළ අතර, එම චෝදනාවලට එරෙහිව මියන්මාරය ආරක්ෂා කරමින් ඇය නොබියව එහි පිළිතුරු ලබාදෙන්නට විය.
නොබෙල් සාම ත්‍යාගයෙන් පවා පිදුම් ලබා ඇති සූ කී වැරදිකරුවෙකු ලෙස හුවා දැක්වීමට ජාත්‍යන්තර මාධ්‍ය දැඩි උත්සාහයක නිරතව සිටින අතර, ජාත්‍යන්තරයේදී දැන් ඇයට අඩු සැලකීමක් ලැබෙන බව පවසමින් ඇය අවඥාවට ලක්කරන ආකාරයද දැකිය හැකිය.
හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් පිටත සූ කී හිතවාදීන් රැසක් ඇයට පක්ෂපාතීව සාමකාමී උද්ඝෝෂණයක නිරත වන ආකාරයද දැකිය හැකි විය.