චීනය රුසියාවෙන් ඉල්ලුම් කර තිබූ S-400 වර්ගයේ මිසයිල නාශක අවි පද්ධතියක් ඉංග්රීසි ඕඩයේදී මුහුණදුන් කුණාටුවක් හේතුවෙක් හානියට පත්ව තිබේ.
කෙසේ වෙතත්, මෙම හානියට පත්වූ මිසයිල නාශක අවි යළිත් සිය රටට ගෙන්වා ගැනීමෙන් අනතුරුව, අලුත් අවි යළිත් චීනය වෙත යැවීමට කටයුතු කළ බව රුසියාව කියයි.
රුසියාවේ නිෂ්පාදිත මෙම මිසයිල නාශක අවි ඇතුළු රුසියානු අවි මිලදී ගැනීම සම්බන්ධයෙන් චීනයේ සම්බාධකවලටද චීනය යටත්ව සිටියි.
කෙසේ වෙතත්, මෙම මිසයිල නාශක පද්ධති ඉන්දියාව සහ තුර්කියද මේ වනවිටත් රුසියාවෙන් මිලදී ගෙන ඇති අතර, චීනයට ලබාදෙන මෙම සමස්ත මිසයිල පද්ධතිය 2020 වනවිට චීනයට හිමිවන බව රුසියාව කියයි.
මෙම මිසයිල පද්ධතිය සමග විශේෂ හමුදා ඒකකයක්ද ස්ථාපිත කිරීමට චීනය කටයුතු කරන අතර, මෙවැනි මිසයිල නාශක අවි 128ක් පමණ ඊට ඇතුළත් බව විශ්වාස කෙරෙයි.