යුක්රේනයට සාමය ඕනෑ වුණත් එය වළක්වනවාලු
එක්සත් ජනපදයට යුක්රේනයේ සාමය ගැන උනන්දුවක් නොමැති අතර, ඒ වෙනුවට එරට ගැටුම හැකි තාක් කල් පැවතීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් පවසයි.
"ජාත්‍යන්තර ප්‍රජාව සතුරුකම් අවසන් කරන ලෙස ඉල්ලා සිටිනවා. එක්සත් ජනපදය ගින්නට ඉන්ධන එකතු කරමින්, අවසාන යුක්රේන ජාතිකයාත් ඉතිරි වනතෙක් සටන් කිරීමට සූදානමක් පෙන්නුම් කරනවා" වොෂිංටනයේ සිට කියෙව් වෙත දැනටමත් සිදුකරන මූල්‍ය ආධාර සහ ආයුධ බෙදා හැරීම ගැන සඳහන් කරමින් ෂාඕ අවධාරණය කළේය.
"ඔවුන්ගේ සැබෑ ඉලක්කය සාමය සාක්ෂාත් කර ගැනීම නොවෙයි. ගැටුම දිග්ගැස්සෙන බවට වග බලා ගැනීමයි. ඇමෙරිකානුවන්ම පවසන පරිදි, ඔවුන් රුසියාව දුර්වල කිරීමේ උපක්‍රමයක් ලෙස මෙසේ කටයුතු කරනවා." ඔහු පැවසීය.
"එක්සත් ජනපදය කිව්වාම, සාමය හෝ යුද්ධය ගෙන එන්නේද? ආරක්ෂාව හෝ අවුල් ජාලයක් ගෙන එන්නේද යන්න ගැන ප්රශ්නය ඇහුවොත්, ඒ ප්‍රශ්නවලට පිළිතුරු අප සැවොම දන්නා බව මා සිතනවා" ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.


popular news
-
Kumar Saturday, 30 April 2022 02:05 PM
ukeraine janadhipathi rupavahiniye kiyanne rusiyan hamuda emaraten pitvuna dinayata yuddhaya awasan wenawa kiyalyi. Ukerainenay arkramanayakale rusiyawa neda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

