යුක්රේනය ආක්‍රමණයට සූදානමක් නෑ - රුසියාව
යුක්රේනය ආක්‍රමණය කිරීමේ සූදානමක් ලෙස මොස්කව් පාලනය ව්‍යාජ අක්රමණයක වීඩියෝවක් රූගත කරන බවට පෙන්ටගනයෙන් කළ ප්‍රකාශයක් යුරෝපීය සංගමයේ රුසියානු නිත්‍ය නියෝජිත ව්ලැඩිමීර් චිසොව් ප්‍රතික්ෂේප කරයි.
"එය කලකට පෙර බටහිර රටවල් සහ සිරියාවේ ඇතැම් අර්ධ රාජ්‍ය නොවන සංවිධාන විසින් සිදු කරන ලද ව්‍යාජ තොරතුරු පැතිරවීම හා සමානයි" චිසොව් වැඩිදුරටත් පැවසීය.
පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි කියා සිටියේ යුක්රේන ප්‍රහාරයක් රූගත කිරීමට මොස්කව් විසින් සැලසුම් කර ඇති බවට සාක්ෂි තමන් සතුව ඇති බවයි.
"ආක්‍රමණයක් සඳහා කඩතුරාවක් නිර්මාණය කිරීමට රුසියානුවන්ට අවශ්‍ය විය හැකි බවට අපට තොරතුරු තිබෙනවා" කිර්බි පැවසීය.
ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර, ඔහු පැවසුවේ යුක්රේනය "ආක්‍රමණය කිරීමේ" රුසියාවේ සැලසුම් පිළිබඳ තොරතුරු එක්සත් ජනපදයේ ප්‍රකාශයට පත් කළ පළමු වැනි අවස්ථාව එය නොවන නමුත්, පසුව ඒ කිසිවක් සත්‍ය නොවූ බවයි.


popular news
-
Kumar Friday, 04 February 2022 04:27 PM
arkramanayakata sudanamvimak nathinam yudha batayin lakshayak samaga yudhatanki dahasganak kudarataka deshaseemawata genennay mokatada? Hitler kiwweth ema wachnamayi. Samahawita, danata thibena olympic awasanwi sathi kihipayakin yudhaya patangani.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

