යුක්රේන සිහිනය රුසියානු හමුදාව අතින් විනාශ වුණාද?
යුක්රේන බලධාරීන් පවසන පරිදි යුක්රේනයේ සිදුවන රුසියානු මෙහෙයුම් අතරතුරදී ලොව විශාලතම ගුවන් යානය වන ඇන්ටනොව් AN-225 විනාශ වී ඇති අතර, එය ගුවන් සේවා ලෝකයේ ශෝකය ජනනය කරන අවස්ථාවක් බව විදෙස් වාර්තා පවසයි.
යුක්රේන භාෂාවෙන් "Mriya" හෙවත් "සිහිනය" ලෙස නම් කර ඇති මෙම දැවැන්ත ගුවන් යානය රුසියානු හමුදා අතින් ප්‍රහාරයට ලක්වන විට යුක්රේනය ආසන්න ගුවන් තොටුපළක නවතා තිබී ඇති අතර, මෙම යානය නැවත ගොඩනගන බවටද යුක්රේන බලධාරීන් පවසා තිබේ.
"රුසියාව අපේ 'Mriya' විනාශ කරන්න ඇති. නමුත් ශක්තිමත්, නිදහස් හා ප්රජාතන්ත්රවාදී යුරෝපීය රාජ්‍යයක් පිළිබඳ අපගේ සිහිනය විනාශ කිරීමට ඔවුන්ට කිසිවිටෙකත් නොහැකි වනු ඇති. අපි ජය ගනිමු!" යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා විසින් ට්විටර් සටහනක ලියා තිබේ.
කෙසේ වෙතත් ගුවන් තොටුපළේ මෙම ගිනි ගැනීම් සැබෑ ගිනිගැනීම් හෝ හමුදා ප්‍රහාර හේතුවෙන් ඇති වූ පිපිරීම් දැයි පැහැදිලි නොමැති බවද විදෙස් වාර්තා පවසයි.


popular news
-
Sara Monday, 28 February 2022 02:45 PM
පුටින් සුපිරි නායකයෙක් රුසියාවට ජය
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

