දකුණුදිග ප්‍රංශයට බලපා ඇති අයහපත් කාලගුණයත් සමග ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයෙක් අතුරුදන්ව ඇති අතර, තවත් 1,600කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබේ.
ගිම්හානයේ කඳවුරු බැඳීමට ගිය දරුවන් මෙන්ම වැඩිහිටියන් මෙම හදිසි ගංවතුර තත්ත්වයට කොටුවී ඇති අතර, දරුවන් බේරාගැනීමට ගිය 70 හැවිරිදි පුද්ගලයෙකු අතුරුදන් බව මුදාගැනීමේ කණ්ඩායම් පවසයි.
ගංවතුරින් ප්‍රබල තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශ ලෙස ගාර්ඩ්, ආර්ඩේක් සහ ඩ්රෝම් යන ප්‍රදේශ සැලකෙයි.
ගංවතුරට කොටුවූවන් බේරාගැනීම සඳහා ගිනි නිවන භටයන් 400ක්, පොලීසිය සහ හෙලිකොප්ටර් 4ක් යොදවා ඇති බව ප්‍රංශ බලධාරීහු පවසති.
ප්‍රංශය ඇතුළුව යුරෝපයේ බොහෝ ප්‍රදේශවල අසාමාන්‍ය උණුසුම් තත්ත්වයක් ඇති පසුබිමක මෙම හදිසි ගංවතුර තත්ත්වය දකුණුදිග ප්‍රංශයට බලපා තිබේ.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසා සිටියේ නිවාස 17,000කට පමණ විදුලිබලය අණහිට ඇති බවයි.