යුරෝපා සංගමයට අයත් නොවන රටවලින් මහා බ්‍රිතාන්‍ය වෙත පැමිණෙන සංක්‍රමණිකයන්ගෙන් වසර 15කට පසුව ඉහළම අගය වාර්තා වන බව එරට ජාතික සංඛ්‍යාන කාර්යාලය පවසයි.
2018 සැප්තැම්බර් මාසයෙන් අවසන් වසර සඳහා යුරෝපා සංගමයට අයත් නොවන රටවලින් මහා බ්‍රිතාන්‍ය වෙත සංක්‍රමණිකයන් 261,000ක් පැමිණ තිබේ. එය වර්ෂ 2004 න් පසුව වාර්තාවූ ඉහළම අගයයි.
ඊට සාපේක්ෂව යුරෝපා සංගමයට අයත් රටවලින් බ්‍රිතාන්‍ය වෙත සිදුවූ සංක්‍රමණ 2009 වසරේ සිටදිගින් දිගටම පහළ යමින් ඇති බවද එම කාර්යාලය පෙන්වා දෙයි.
එළැඹෙන මාසයේදී යුරෝපා සංගමයෙන් ඉවත්ව යන බ්‍රෙක්සිට් ගිවිසුමට පෙර බ්‍රිතාන්‍ය විසින් නිකුත් කරනු ලබන අවසන් සංඛ්‍යා දත්ත ලෙස මෙය සැලකෙයි.