යේමනයේ මානුෂීය මෙහෙයුම් සඳහා ඇ.ඩො.බිලියන 4.2ක අරමුදලක් ඇති කිරීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ සංවිදානයේ ජිනීවා සමුළුවකදී අවධාරණය කර තිබේ.
එම සංවිධානය පෙන්වා දෙන්නේ රට තුළ පවතින සිවිල් යුද්ධය හේතුවෙන් දැඩි ආර්ථික හා සමාජ පසුබෑමක් රට තුළ දැකිය හැකි බවයි.
එහිදී, මිලියන 20ක ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතින බවත්, මිලියන 10ක පමණ ජනතාවක් දැඩි සාගතයකට මුහුණදීමේ ඉමට පැමිණ ඇති බවත් එම සංවිධානය අවධාරණය කරයි. එමෙන්ම, 240,000ක පමණ ජනතාවක් දැඩි දරිද්‍රතාවයකින් පෙළෙන බවද එම සංවිධානය වාර්තා කරයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව යේමනයේ සිවිල් යුද්ධය හේතුවෙන් මේ වනවිට සාමාන්‍ය වැසියන් 7,000ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 11,000ක් පමණ තුවාල ලබා තිබේ.