මූල්‍ය වංචාවකට එල් සැල්වදෝර් හිටපු ජනපති වසර 10ක් හිරේට
එල් සැල්වදෝර් හිටපු ජනපති අන්තෝනියෝ සාකා මූල්‍ය වංචා සහ කළු සල්ලි ජාවාරම් කිරීමේ චෝදනා යටතේ වැරදිකරුවෙකු වෙමින් වසර 10ක සිර දඬුවමකට යටත්ව තිබේ.
.2004 සිට 2009 දක්වා මධ්‍යම ඇමෙරිකානු රාජ්‍යයක් වන එල් සැල්වදෝර් රාජ්‍ය පාලනය කළ සාකා, මෙම චෝදනාවන්ට තමන් නිවැරදිකරු බවට අධිකරණය හමුවේ කියා සිටියද, 53 හැවිරිදි හිටපු නායකයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය.
මේ අතර, අභිචෝදකයන් පවසා සිටියේ හිටපු ජනපතිවරයා රාජ්‍ය අරමුදල් පෞද්ගලිකවත්, සිය පක්ෂය වෙතත් අත්තනෝමතික ලෙස යොදාගෙන ඇති බවයි.
මීට වසර දෙකකට පෙර සාකා අත්අඩංගුවට පත්වූයේ ඔහුගේ පුතාගේ මංගල උත්සවයේදීය. මෙම නඩු තීන්දුවෙන් ඇ.ඩො.මිලියන 260ක මුදලක් ගෙවන ලෙසටද ඔහුට නියම කර ඇත.
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන එල් සැල්වදෝරයේ ප්‍රථම ජනාධිපතිවරයා බවටද සාකා පත්වුවත්, ඔහුට පෙර හා ඔහුගෙන් පසුව එල් සැල්වදෝරය පාලනය කළ ජනාධිපතිවරුන්ද දූෂණ චෝදනාවන්ට ලක්වූවන් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

