මිසයිල ප්‍රහාරයෙන් පසුව හමාස් සටන්කාමීන්ට ඊශ්‍රායල් ප්‍රතිප්‍රහාර
- 26 03 2019
- 04:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඊශ්‍රායලය වෙත ගාසා තීරයෙන් එල්ල වූ රොකට් ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස හමාස් සටන්කාමීන්ගේ ඉලක්ක වෙත ප්‍රහාර ඇරඹූ බව ඊශ්‍රායලය පවසයි.
ඊශ්‍රායල් හමුදාව විසින් මෙම ප්‍රකාශය නිකුත් කිරීමට මොහොතකට පෙර පලස්තීන සීමාවෙන් පිපිරීම් වාර්තා වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
සඳුදා උදෑසන එල්ල කෙරුණු මිසයිල ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ නිවසකට හානි සිදුව තිබූ අතර, එහි විසූ පුද්ගලයන් 7 දෙනෙකු ඉන් තුවාල ලබා තිබුණි.
මෙම නිවාස ටෙල් අවීව් නුවරට උතුරින් පිහිටි නිවාසයක් වන අතර, එය බ්‍රිතාන්‍ය - ඊශ්‍රායල් සම්භවයක් සහිත නිවාසයකි.
මෙම ප්‍රහාරය සැලවීමත් සමග තම ඇමෙරිකානු සංචාරය අවලංගු කරමින් රට තුළම රැඳී සිටි අගමැති බෙන්ජමින් නෙතන්යාහු වහාම දැඩි ප්‍රතිචාරයක් මේ වෙනුවෙන් ගන්නා බව පවසා තිබුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
