මිසයිල ප්‍රහාර වැඩිවීම සමග යුක්රේනය G7 ආධාර පතයි
යුක්රේනයේ ගිනිකොනදිග නගරයක් වන සපොරීස්ෂියා වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරයක් ඇතුළු එරට කියෙව් අගනුවර හා තදාසන්න ප්‍රදේශ වෙත රුසියාවෙන් එල්ල වන මිසයිල ප්‍රහාර ඉහළ ගොස් තිබේ.
මිසයිල ප්‍රහාරවලින් සඳුදා පුද්ගලයින් 19දෙනෙකු මිය ගොස් 105දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේනයේ රාජ්‍ය හදිසි සේවය ප්‍රකාශ කළේය.
යුක්රේන ප්‍රථම නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය යෙව්හෙන් යෙනින් පවසන පරිදි, කිවෙයි ලිවිව්, සමී, ටර්නෝපිල් සහ ඛමෙල්නිස්කි යන ප්‍රදේශවල ජනාවාස 300ක් පමණ අඟහරුවාදා උදෑසන විදුලිය නොමැතිව පැවතිණි.
මේ සමග යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්සිකි හදිසි G7 රැස්වීමකට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන අතර, විශේෂයෙන්ම මේ සතියේ මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරවල ඉහළ යෑම ගැන කරුණු දක්වමින්, එරට ගුවන් ආරක්ෂක පද්ධති සඳහා වැඩි හමුදා ආධාර සඳහා ඉල්ලීමක් කරනු ඇති බව කියයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
