චීනයේ නව ජංගම දුරකථන සේවා ලියාපදිංචි කිරීමේදී එරට ජනතාව සිය මුහුණු හඳුනා ගැනීමේ Face Scan ක්‍රියාවලියකට බඳුන් විය යුතු බවත්, එරට සිටින මිලියන ගණනක් අන්තර්ජාල භාවිත කරන්නන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට මෙම තීරණයට එලැඹි බවත් චීනය කියයි.
පසුගිය සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරනලද මෙම රෙගුලාසිය ඉරිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර, රජය පවසන්නේ “සයිබර් අවකාශයේ පුරවැසියන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ උනන්දුව ආරක්ෂා කිරීමට” අවශ්‍ය බවයි.
චීනය දැනටමත් එහි ජනගහනය සමීක්ෂණය කිරීම සඳහා මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය භාවිත කරන අතර, එවැනි තාක්ෂණයක් භාවිත කරන ලොව ප්‍රමුඛයා බවටද පත්ව සිටියි. ඒ අනුව, චීනයේදී නව ජංගම දුරකථන හෝ ජංගම දත්ත පැකේජයක් සඳහා ලියාපදිංචි වනවිට, මිනිසුන් දැනටමත් ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත (බොහෝ රටවල අවශ්‍ය පරිදි) පෙන්විය යුතු අතර, ඔවුන්ගේ ඡායාරූපයක්ද ලබාගනී. නමුත් මෙම නව නීතිය යටතේ, ඔවුන් ලබාදී ඇති හැඳුනුම්පත සමග එහි ගැලපීම අව්‍යාජ ගැලපීමක් දැයි තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ගේ මුහුණු හඳුනාගැනීමේ Face Scan එකක්ද සිදුකරයි.