ඉන්දියාවේ කේරල ප්‍රාන්තයට බලපා ඇති දැඩි මෝසම් වැසි තත්ත්වයත් සමග සිදුව ඇති ජීවිත හානි සංඛ්‍යාව 37 දක්වා ඉහළ ගොස් තිබේ.
අගෝස්තු මස 08 වැනිදා සිට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කේරලයේ ප්‍රදේශ රැසක් ගංවතුර තර්ජනයට ලක්ව ඇති අති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
විශේෂයෙන්ම ඉඩුක්කායි වේල්ල ආසන්නයේ සිටින ජනතාවට දැඩි අවදානම් තත්ත්වයක් පවතින බව එරට කාලගුණ අංශ නිවේදනය කර ඇති අතර, ඔවුන් පෙන්වා දෙන්නේ ඉඩුක්කායි, වේයානන්ද්, කන්නූර්, එර්නාකුලම්, පලාක්කාද් සහ මලාප්පුරම් යන ප්‍රදේශවල ජනතාවට සිය නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස දන්වා තිබේ.
සෙනසුරාදා දිනය වනවිට පුද්ගලයන් 60,000කට වැඩි පිරිසක් ආරක්ෂිත කඳවුරු වෙත යොමුකර තිබුණු අතර, ප්‍රාන්තය පුරා සහන කඳවුරු 531ක් ස්ථාපිත කිරීමටද ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබේ.
එමෙන්ම, පසුගිය දින තුනක කාලය තුළ නායයෑම් සිද්ධීන් 25ක් වාර්තා වී ඇති අතර, ඉන් 21ක්ම ඉඩුක්කායි ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
ගංවතුර හා නායයෑම් හේතුවෙන් නිවාස 1,500කට හානි නිදුවී ඇති අතර, නිවාස 100කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද ප්‍රාන්ත බලධාරීහු පවසති.