ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව් මොක්සිකෝ ප්‍රාන්තයේ හුදකලා ප්‍රදේශයක කැරවෑන් රථයක සිටියදී මන්දපෝෂණයට ලක්වූ දරුවන් 11 දෙනෙකු පොලීසිය විසින් සොයාගෙන තිබේ.
වයස අවුරුදු 01 සිට 15 දක්වා වයස්වල පසුවූ මෙම දරුවන්ගේ දෙපා ආවරණයට පාවහන් හෝ නොතිබී ඇති අතර, ඔවුන්ගේ ඇඳුම් වැරහැලි බවට පත්ව තිබූ බවත්, බැලූ බැල්මටම මෙම දරුවන් තුන්වැනි ලෝකයෙන් පැමිණි සරණාගතයන්ගේ ස්වරූපයක් පෙන්නුම් කළ බවත් එම පොලීසිය පවසයි.
එමෙන්ම, තවත් වැඩිහිටි පුද්ගලයන් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, ඒ අතර ආයුද සන්නද්ධව සිටි පුද්ගලයන් දෙදෙනෙකුද සිටි බව කියැවේ.
"අපි හාමතේ. අපිට කෑමක් බීමක් අවශ්‍යයි" යනුවෙන් තුන්වැනි පාර්ශ්වයක් විසින් එවන ලද පණිවුඩයකට අනුව මෙම පිරිස සොයා ගැනීමට පොලීසියට හැකිවී තිබේ.
ආයුද සන්නද්ධව සිටි පුද්ගලයන් දෙදෙනාට අමතරව, අනෙක් වැඩිහිටි තිදෙනා මෙම දරුවන්ගේ මව්වරුන් බව විශ්වාස කරන අතර, ඔවුන් දරුවන්ද සමග රෝහල්ගත කර තිබේ.