මගේ පෙනහළු හොඳින් බ්‍රසීල ජනපති තම ආරක්ෂාව සලසයි
තමා කොවිඩ්-19 පරීක්ෂාවක් සිදුකළ බවත්, පසුව පෙනහළු පරීක්ෂාවකටද බඳුන් වූ බවත්, තමාගේ පෙනහළු තුළ වෛරසය නොමැති බවත් බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ කියයි.
"මම දැන් රෝහලෙන් ආපසු ආවේ. මම පෙනහළු පරීක්ෂාවක් කළා, මගේ පෙනහළු පිරිසිදුයි? මම මීට ටික කලකට පෙර කෝවිඩ්-19 පරීක්ෂාවකටද ගියා, නමුත් සියල්ල හොඳයි" ඔහු පැවසීය.
දැන් මුඛ ආවරණයක් පැලඳ සිටින බොල්සොනාරෝ තමාට ළං නොවන ලෙස මිනිසුන්ට අනතුරු ඇඟවීය.
"ඔබට මාගේ කිට්ටුවට නම් එන්නට හැකියාවක් නෑ. හොඳද? සෑම කෙනෙකුටම මේ දේ නිර්දේශ කරනවා." බොල්සොනාරෝ පැවසීය.
බොල්සොනාරෝට උණ වැළඳී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා ගැන විමසූ විට ජනාධිපති ප්රකාශිකාවක් වන සින්ටියා මැසිඩෝ පැවසුවේ, "අපට මෙවැනි තොරතුරක් ලැබී නැහැ. අපට මේ මොහොතේ මෙම තොරතුරු තහවුරු කිරීමට හැකියාවක් නැහැ." යනුවෙනි.
බොල්සොනාරෝ මීට මහජනතාවට මුදා හරින ලද වෙනම පරීක්ෂණ ප්‍රතිඵල තුනක දී නව කොරෝනා වෛරසය සඳහා සෘණාත්මක ප්‍රතිඵලයක් පෙන්වා සිටියේ පසුගිය මැයි මාසයේදීය.
එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් සමග ෆ්ලොරිඩාවේ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අවසන් වී බොල්සොනාරෝ ආපසු සිය රට පැමිණීමෙන් පසු මාර්තු 12 සිට මාර්තු 17 දක්වා කාලය තුළ මෙම පරීක්ෂණ තුන සිදු කරන ලදී.
බ්‍රසීලයේ මේ වනවිට සමස්ත ආසාදිත අගය 1,623,284ක් වන අතර, මරණ සංඛ්‍යාව 65,487කි.

popular news
-
Demuni Uduwara Tuesday, 07 July 2020 07:46 AM
He is straight; no 'daval nigel Re Daniel ' unlike our politicians.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

