බ්‍රිතාන්‍ය රාජකීය පවුලට එකතු වූ අලුත්ම සාමාජිකාව වන මේගන් කුමරිය දෙවැනි එළිසබෙත් රැජිනගේ හිත කලින්ම දිනාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
හැරී කුමරුන් සමග සිදුවූ විවාහයෙන් මසක් ගෙවී යන්නටත් පෙර පසුගියදා ඇය දෙවැනි එළිසබෙත් රැජින සමග රාජකීය කර්තව්‍යයන්ට සම්බන්ධ වූවාය.
එහිදී, විලියම්ගේ බිරිඳ වන කේට් කුමරියට වඩා, රැජින සමග වඩාත් කුළුපග ස්වභාවයකින් හා රැජින වඩාත් සතුටට පත්වන ආකාරයෙන් මේගන් හැසිරෙන ආකාරය පිළිබඳව විදෙස් වාර්තාවල සඳහන් විය.
සසෙක්ස් ආදිපාදවරිය වන මේගන් කුමරිය, එළිසබෙත් රැජින සමග රාජකීය දුම්රියේ නැගී එම දිනක සංචාරයට සහභාගී වී පසුව රන්කෝන් දුම්රිය ස්ථානය වෙත ළඟා විය.
වෘත්තියෙන් නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වූ මේගන්, වඩාත් විශ්වාසයකින් යුතුව එකී රාජකීය කර්තව්‍යයන් සමග සම්බන්ධ වී සිටි බවද විදෙස් වාර්තාවල සඳහන් විය.