බාල වයස්කරුවන්ගේ පරිගණක ක්රීඩා ඇබ්බැහියට චීනය වැට බඳී
බාල වයස්කාර පරිගණක ක්රීඩා ලෝලීන් හඳුනා ගනිමින් ඔවුන් ක්රීඩාවේ යෙදෙන කාලය කපාහැරීම සඳහා දැඩි රෙගුලාසි හඳුන්වාදීමට චීනයේ ප්රමුඛතම තාක්ෂණික සමාගමක් වන ටෙන්සෙන්ට් සැරසෙයි.
ඒ අනුව, සැප්තැම්බර් මස මැද භාගයේ සිට ඔවුන්ගේ 'ඔනර් ඔෆ් කින්ග්ස්' පරිගණක ක්රීඩා සඳහා සැබෑ නමින්ම ලියාපදිංචි වීමේ පද්ධතියක් හඳුන්වාදීමට සැරසෙන අතර, මෙය චීනයේ පොදු ආරක්ෂණ දත්ත ගබඩාව හා සබැඳි පද්ධතියක් බව කියයි.
ඒ අනුව, මෙම පරිගණක ක්රීඩාව සමග ලියාපදිංචි වන බාලවයස්කාර දරුවන් වැඩි වේලාවක් එහි කාලය ගත කරන්නේ නම්, එම කාලය සීමා කිරීම ස්වයංක්රීයව සිදුවනු ඇත.
ලෝකයේ විශාලතම පරිගණක ක්රීඩා වෙළෙඳ පොළ ඇති චීනය තුළ මෙවැනි පියවරක් ගැනුණු ප්රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වෙයි.
චීනයේ, ප්රමුඛතම සමාජජාලයක් වන වීචැට් හිද හිමිකාරීත්වය දරණ ටෙන්සෙන්ට්, මෙවැනි දැඩි නියාමනයක් ගැනීම හේතුවෙන් වර්ෂ 2005න් පසුව ඔවුන්ගේ ආදායම්වල යම් පසුබැසීමක් පැවතියද, ළමා මනසට උචිත වෙනත් පරිගණක ක්රීඩා කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති කරගැනීමට ඔවුහු බලාපොරොත්තු වෙති.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

