බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට රොබෝ යන්ත්‍රයක් කෘත්‍රිම බුද්ධිය උගන්වයි
මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීරණය වෙත පැමිණි රොබෝ යන්ත්‍රයක් පාර්ලිමේන්තුව අමතමින් කෘත්‍රිම බුද්ධිය (artificial intelligence) පිළිබඳ සිදුකළ දේශනයක් පිළිබඳ වාර්තා වෙයි.
පෙපර් නමැති එම රොබෝ යන්ත්‍රය එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව ඇමතූ පළමු රොබෝවරයා ලෙසද ඉතිහාසගත වෙයි.
මෙම සුවිශේෂී රොබෝ යන්ත්‍රය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය දේශනය මගින් පෙන්වා දී ඇත්තේ, අධ්‍යාපන ක්ෂේත්රය තුළ කෘත්‍රිම බුද්ධියෙහි අනාගතය යි.
එංගලන්තයේ මිඩ්ල්සෙක්ස් විශ්වවිද්‍යාලය සතු මෙම රොබෝ යන්ත්‍රය එහි ශිෂ්‍යයින් සමග කටයුතු කරමින් දේශනවලට සහභාගි වෙයි.
එහිදී, රොබෝ යන්ත්‍රය රෝද ආධාරයෙන් පාර්ලිමේන්තු කමිටු ශාලාවට ඇතුළු වනවිට මන්ත්‍රීවරු සිනහ පළ කළ අතර, රොබෝ වෙතින් ඇසූ ප්‍රශ්නත් ඊට දුන් පිළිතුරුත් කලින් සූදානම් කර තිබූ බවද විදෙස් වාර්තා පවසයි.
මේ වන විට ලෝකයේ දියුණුවට බලපාන කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය වැනි තාක්ෂණික අංග අධ්‍යාපන ක්ෂේත්රයට ඇතුළත් කිරීම කෙරෙහි එක්සත් රාජධානි පාර්ලිමේන්තු අධ්‍යාපන කමිටුවේ අවධානයට ලක්ව තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

