නත්තල් පත් තැපැල් කිරීම මේ වනවිට බොහෝ රටවල ක්‍රමයෙන් අභාවයට යමින් පැවතියද, බොහෝ දරු දැරියෝ සිය දෙමාපියන් සහ සමීප ඥාතීන් වෙනුවෙන් ඇතැම් විට තමන් විසින්ම නත්තල් පත් නිර්මාණය කරමින් යැවීම සිදුකරමින් සිටිති.
තාක්ෂණය දියුණුවත් සමග බොහෝ විට දැන් සිදුවන්නේ නත්තල් පත් විද්‍යුත් තැපෑලෙන් යැවීම හෝ නොඑසේනම් ඩිජිටල් පණිවුඩ හුවමාරු ක්‍රම මගින් ජංගම දුරකථන වෙත යැවීමය.
මෙවැනි පසුබිමක බ්‍රිතාන්‍යයේ රාජකීයයන්ගේ සාම්ප්‍රදායික නත්තල් පතට මෙවර අමුත්තෙකු පැමිණ සිටී. එහිදී සිය බිළිඳු පුතු පෙනී සිටින ඡායාරූපයක් ප්‍රථම වරට යොදාගනිමින් බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු සහ මේගන් මාකල් සිය ඥාතීන් සහ හිතවතුන් වෙත නත්තල් පතක් යවා තිබේ.
තවමත් මාස 7ක් වන බිළිඳු කුමරා දන ගාමින් කැමරාව වෙත පැමිණෙද්දී සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය හිනැහෙමින් සිටින ආකාරය නත්තල් පතෙහි ඇතුළත් කළු, සුදු ඡායාරූපයේ දැක්වේ.
එහි සඳහන් වන්නේ "සුභ නත්තලක් සහ වාසනාවන්ත නව වසරක්. අපේ පවුලෙන් ඔබට" යනුවෙනි.
පොදුරාජ්‍ය මණ්ඩලීය භාරයේ ට්විටර් ගණුම හරහා මෙම නත්තල් සුබ පැතුම් පත හැරී කුමරු සහ මේගන් කුමරිය ලොවට අනාවරණය කළහ.