ඉන්දියානු සාගරයේ පිහිටි, මුරුසි දිවයිනට අයිති චාගෝස් දූපතේ පාලනයෙන් වහාම ඉවත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළම අධිකරණයක් විසින් බ්‍රිතාන්‍යයට පවසා සිටියි.
1965 දී මුරුසිය බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගැනීමේ ගිවිසුම් අත්සන් කර 1968 දී ඒ නිදහස හිමි වුවද, තමන්ට මෙම දූපත පාලනයෙන් ඉවත් වීමට බ්‍රිතාන්‍ය බල කරමින්, මෙය බ්‍රිතාන්‍ය විදෙස් භූමියක් ලෙස පාලනය කරන බව බ්‍රිතාන්‍ය පවසයි.
එහිදී, යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණය පවසා සිටියේ චාගෝස් දූපත නෛතික වශයෙන් මුරුසියෙන් වෙන් නොවන නිසා, එහි අයිතිය මුරුසියට බවයි.
කෙසේ වෙතත්, මෙම තීන්දුව නඩු තීන්දුවක් නොවන බවත්, එය අදහසක් පමණක් බවට බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා තිබේ.
නමුත්, මෙම අදහස සම්බන්ධයෙන් තමන් සලකා බලන බවත්, එනමුදු එසේ කිරීමට නෛතික බැඳීමක් ඔවුන්ට නොමැති බවත් බ්‍රිතාන්‍ය වැඩිදුරටත් පවසා තිබේ.