කැරලි මර්දන පොලිසිය සහ රාජ්‍ය විරෝධී පෙලපාලිකරුවන් අතර ලෙබනන් අගනුවර වන බේරූට් හි දෙවැනි රාත්රියේදී ගැටුම් ඇති කර ගැනීමෙන් සැලකිය යුතු පිරිසක් තුවාල ලැබූහ.
පොලීසියේ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වූ විරෝධතාකරුවන් බෝතල් හා පෙට්‍රල් බෝම්බවලින් පොලීසියට දමා ගසා තිබේ.
මේ අතර, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රායා එල් හසන් විසින් සෙනසුරාදා ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද දරුණු මර්දනය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කළේය.
එරට පාලක පක්ෂයේ ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් විරෝධතා ආරම්භ වූයේ ඔක්තෝම්බර් මාසයේදී ය.
බොහෝ දුරට සාමකාමීව විරෝධතා ආරම්භ වූ දා සිට සිදු වූ දරුණුතම ප්රචණ්ඩ ස්වරූපය පසුගිය දින කිහිපයේදී වාර්තා විය. විරෝධතාකරුවෝ අග්‍රාමාත්‍ය සාද් අල් හරීරි ඉල්ලා අස්විය යුතු බවට බල කරති.
සඳුදා ලෙබනන් පාර්ලිමේන්තුව විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කළ යුත්තේ කවුරුන්ද යන්න සලකා බලනු ඇති අතර කෙසේ වෙතත් හරිරි නැවත එම තනතුරට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.