බටහිරට අනුව පාකිස්තානය වහල්ලුන්ද - ඉම්රාන් ඛාන්
යුක්රේනයට එල්ල කරන ලද හමුදාමය ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව හෙළා දකින එක්සත් ජාතීන්ගේ යෝජනාවකට එක්වන ලෙස පකිස්ථානයට බලපෑම් කළ විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට අගමැති ඉම්රාන් ඛාන් බැණ වැදුනේ එම විදෙස් තානාපතිවරුන් පකිස්ථානය වහල්ලුන් ලෙස සලකන බවට චෝදනා කරමිනි.
පසුගිය මාර්තු 1දා විදේශීය දූත මණ්ඩල 22ක නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රිකයන් විසින් එවන ලද ලිපියට ප්‍රතිප්‍රහාරයක් කරමින් ඛාන් මේ බව කියා සිටියේය. එහිදී, ජපානය, ස්විට්සර්ලන්තය, කැනඩාව, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රේලියාව සමග යුරෝපා සංගමයේ රටවල්ද ඇතුළුව, පකිස්ථානයට එහි මධ්‍යස්ථභාවය අත්හැර මොස්කව් පාලනය හෙළා දැකීමට එක්වන ලෙස ඉල්ලා තිබුණි.
"ඔබ අප ගැන සිතන්නේ කුමක්ද? අපි ඔබේ වහල්ලුද..? ඔබ කුමක් කීවත් අපි කළ යුතුද?" එසේම මෙහිදී මධ්‍යස්ථව සිටින "ඉන්දියාවට එවැනි ලිපියක්" ලිව්වේ දැයි යුරෝපා සංගම් තානාපතිවරුන්ගෙන් ඛාන් මෙහිදී විවෘත ප්‍රශ්න කිරීමක්ද කළේය.
මීට පෙර ඇෆ්ගනිස්ථානයේ නේටෝ හමුදා ක්‍රියාමාර්ගයට සහාය දීම නිසා පකිස්ථානය දුක්විඳ ඇති බව ඛාන් සිහිපත් කළ අතර, "අපි රුසියාව සමග මිත්‍රව කටයුතු කරනවා. ඒ වගේම, අපි ඇමෙරිකාව සමගත් මිත්‍රව කටයුතු කරනවා. අපි චීනය හා යුරෝපය සමගත් මිත්‍රව කටයුතු කරනවා. ඉතිං අපි මේ කිසිම කඳවුරක නෑ." යනුවෙන් කියා සිටියේය.
පකිස්ථානය, අනෙකුත් රටවල් 34 සමග, පසුගිය සතියේ රුසියානු "යුක්රේනයට එරෙහි ආක්‍රමණය" හෙළා දකින එක්සත් ජාතීන්ගේ යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටියේය. පාකිස්තානයේ අසල්වැසි ඉන්දියාව, බංග්ලාදේශය, චීනය, ඉරානය, ශ්‍රී ලංකාව, ටජිකිස්තානය, කිර්ගිස්තානය සහ කසකස්තානයද ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය ගැටළු සාකච්ඡා කිරීම සඳහා මොස්කව් යුක්රේනයේ හමුදා මෙහෙයුම දියත් කළ පෙබරවාරි 24 වැනි දින ඛාන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ක්‍රෙම්ලිනයේදී හමුවිය.


popular news
-
Deepal Nirosh Monday, 07 March 2022 05:40 AM
ඉතා නිවැරදි නිර්භීත තීරණයක්, රටකට අවශ්‍ය මේ වගේ සෘජු ස්වාධීන තීරණ ගතහැකි නායකයින්, මෙය දූපත් මානසිකත්වයක් හෝ ගෝත්රිකවාදයක් හෝ නොවෙයි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

