වැරදි ලෙස රිය ධාවනයේ යෙදෙන රියැදුරන් පාලනය කිරීම සඳහා සාම්ප්රදායික නොවන විසඳුමක් ඉන්දියාවේ බැංගලෝර් නගරය විසින් හඳුන්වා දී තිබේ.
මෙය ඉන්දියාවේ රථවාහන තදබදය මෙන්ම රිය අනතුරු බහුල නගරයක් ලෙස සැලකෙයි. ඒ අනුව, රිය අනතුරු අවම කිරීම සඳහා පොලිස් නිලධාරීන් ලෙස සැකසූ අනුරූ සකස් කර බැංගලෝර් මාර්ගවල තැනින් තැන තබා ඇත.
මෙම අනුරූ පොලිස් හිස් වැසුම්, සුදු කමිස සහ දුඹුරු පැහැති කලිසම් ඇද අව්කණ්ණාඩි පැළදි පොලිස් නිලධාරියෙකු ලෙසම පෙනී සිටින අතර, මෙම කෘත්රිම පොලිස් නිලධාරීන් මේ වනවිටත් බැංගලෝර්හි අධික තදබදය සහිත මාර්ගවල රාජකාරියේ නිරතව සිටියි.
රියැදුරන් එම අනුරූ සැබෑ පොලිස් නිලධාරීන් ලෙස සිතා මාර්ග නීති උල්ලංඝණය කිරීමට පෙර දෙවරක් සිතනු ඇතැයි මෙමගින් අපේක්ෂා කරන බව බැංගලෝර් පොලීසිය පවසයි.
කෙසේ වෙතත්, මෙම ක්රමවේදය සම්බන්ධයෙන් විවිධ අදහස් පවතින අතර, ඇතමුන් පවසන්නේ එය සාර්ථක ක්රමයක් නොවන බවකි.
බැංගලෝර් නගරයේ ලියාපදිංචි වාහන මිලියන 8ක් ධාවනයේ යෙදෙන අතර, එය වර්ෂ 2022 වනවිට මිලියන 10ක් ඉක්මවා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.