බංග්ලාදේශ සිසුවිය පුළුස්සා මැරූ 16කට මරණ දඬුවම
බංග්ලාදේශ සිසුවියක පණ පිටින් පිළිස්සූ සිද්ධියේ චූදිතයන් 16 දෙනෙකුට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.
නුස්රත් ජහාන් රාෆි නමැති 19 හැවිරිදි තරුණියක පසුගිය අප්‍රේල් මාසයේදී මෙසේ ඝාතනය කළේ ඩකා අගනුවරට කිලෝමීටර් 160ක් පමණ ඔබ්බෙන් වූ ෆෙනී නගරයේදීය.
මෙම සිද්ධියට සම්බන්ධව මරණ දඬුවමට යටත්වූවන් අතර ඇය ඉගෙනුම ලැබූ උසස් පාසලේ ප්රධානාචාර්යවරයා සහ තවත් සිසුන් දෙදෙනෙකුද වෙති.
මෙම මරණයත් සමග බංග්ලාදේශය පුරා උද්ඝෝෂණ මාලාවක් ඇති වූ අතර, සිද්ධියට සම්බන්ධ පිරිස් වෙත කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනතාව බල කරන්නට විය.
ඒ අනුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගය කඩිනමින් විභාගයට ගැනුණු අතර, මෙම නඩු තීන්දුව බංග්ලාදේශය තුළ මිනී මැරුම් සඳහා මඟ අවුරන්නක් බව අභිචෝදකයන් සඳහන් කළේය.


popular news
-
Ajith Abeywardhana Sunday, 27 October 2019 02:40 PM
Sanhidiyawa marapu hethuwa kiyanna epa kiwwada?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

