පිපිරුම්වලින් ජෙරුසලම දෙදරයි
ජෙරුසලම දෙදරුම් කන පිපිරුම් දෙකකින් එක් අයෙකු මිය ගොස් තවත් තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බව ඊශ්‍රායලය පවසයි.
පළමු පිපිරීම සිදුව ඇත්තේ නගරයේ මධ්‍යම බස් නැවතුම්පොළ අසල උදෑසන කාර්ය බහුල වේලාවේදීය.
වෛද්‍යවරු පවසන්නේ අවම වශයෙන් පුද්ගලයන් එකොළොස් දෙනෙකු තුවාල ලබා ඇති අතර, දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි. මියගිය පුද්ගලයා තුවාල හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගියේය.
එකක් බෑගයක දමා ගිය බෝම්බයක් නිසා සිදුවූ පිපිරුමක් විය හැකි බව පොලිසිය ප්‍රකාශ කර ඇති අතර පරීක්ෂණයක් ක්‍රියාත්මකය.
සාක්ෂිකරුවන් ජෙරුසලම් පෝස්ට් පුවත්පතට පැවසුවේ පිපිරීමට ටික වේලාවකට පෙර සැක කටයුතු බෑගයක් තාප්පයක් මත තබා ඇති බවයි. එම ස්ථානයේ ඇති ඡායාරූපවලින් පෙනෙන්නේ ඉරිතැලීම්වලින් සිදුරු සහිත බස් රථයක්ය.
පළමු පිපිරුමෙන් පැය භාගයකට පසු තවත් පිපිරීමක් උතුරු ජෙරුසලමේ රේමන් මංසන්ධිය අසල සිදුවිය. එය බස් රථයක් ද ඉලක්ක කර ඇති අතර, කිහිප දෙනෙකුට සුළු තුවාල සිදු වී තිබේ. එයද බෑගයක දමා ගිය බෝම්බයක් නිසා සිදුවූවක් බව මාධ්‍ය වාර්තා කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

