පැරිස් වෙඩි තැබීමේ සැකකරු විදේශිකයන්ට වෛර කරලා
ප්‍රංශයේ පැරිස් හි 10 වැනි දිස්ත්‍රික්කයේදී කුර්දි ජාතිකයින් තිදෙනෙකුට වෙඩි තැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරුවෙකු විදේශිකයන්ට ඇති වෛරය ප්‍රකාශ කර ඇති බව අභිචෝදකයන් පවසයි.
ප්‍රංශ අගනුවර කාර්යබහුල දිස්ත්‍රික්කයේ කුර්දි සංස්කෘතික මධ්‍යස්ථානයක සහ ඒ අසල කුර්දි ආපන ශාලාවකදී මෙලෙස පිරිමි දෙදෙනෙකු සහ කාන්තාවක් වෙඩි තබා ඝාතනය කෙරිණි.
වෙඩි තැබීම සිදුකළ 69 හැවිරිදි පුද්ගලයා පසුව අත්අඩංගුවට ගැනුණු අතර මොහු මෙම සිද්ධියේ එකම වෙඩික්කරුවා යැයි විශ්වාස කරන බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත්, මෙම සැකකරු මානසික අවපීඩනයෙන් පෙළෙන සහ සියදිවි නසාගැනීමට තැත්කළ අයෙකු ලෙස හැඳින්වූවත්, 2016 දී ඔහුගේ නිවසේ සිදුවූ සොරකමක් හේතුවෙන් විදේශිකයන් කෙරෙහි වෛරයකින් පසුවී ඇති බව කියැවේ.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අධිකරණමය කටයුතු සිදුකෙරෙන අතර, මිනීමැරුම් සහ ගිනිඅවි දැරීම යන මූලික චෝදනාවලට අමතරව, ජාතිවාදී චේතනාවද මෙම ඝාතන සිද්ධියට සම්බන්ධව ඇති බව පැවසේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

