පාස්කු ඉරිදා ප්‍රහාරය ඉස්ලාම් රාජ්‍ය බිඳ වැටීමේ පළිගැනීමයි
පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ එල්ල කරන ලද ප්රහාරයන් සිය අවසන් බල කඳවුර වූ බගූස් බිඳ වැටීමේ පළිගැනීමක් බව ISIS නායක අබු බකර් අල්-බග්දාදි පවසයි.
සිරියාව සහ ඉරාකයේ කොටසක් එකතු කරමින් නිර්මාණය කළ ඉස්ලාම් රාජ්‍යයේ මොසුල් නගරයේ සිට තම සිහින රාජ්‍ය වෙනුවෙන් මුල් පියවර තැබූ බග්දාදි, 2014 වසරින් පසුව යළිත් ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටීමද විශේෂත්වයකි.
එහිදී, ඔහු පවසන්නේ ඉස්ලාම් රාජ්‍ය බිඳ වැටීමේ පළිය ගැනීම තම අරමුණ බව යැයි රොයිටර් පුවත් සේවය පවසයි.
මෙම වීඩියෝවෙන් පසුව ඔහුගේ රුව නොමැතිව හඬ පටයක් පමණක් පවතින අතර, එහිදීද ඔහු ශ්‍රී ලංකා ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරයි.
අවාද් ඊබ්‍රාහීම් අල්-බද්රි ඔහුගේ සැබෑ නම වන අතර, පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඔහුගේ හඬ පටයක් අවසන් වරට නිකුත් විය.
එමෙන්ම, ඔහු ප්රහාරයන්ගෙන් මියගිය බව කිහිප වරක්ම ඇමෙරිකාව පවසා සිටියත්, ඔහු වරින් වර හඬ තුළින් පමණක් මතුව තමා තවදුරටත් ජීවත්ව සිටින බව සනාථ කළේය.
කෙසේ වෙතත්, මෙම වීඩියෝව කවර දිනක පටිගත කරන ලද්දක් දැයි පැහැදිලි කර නැතත්, එය අප්‍රේල් මාසයේදී නිකුත් කෙරුණු එකක් බවත් එය වඩාත් තහවුරු කරගැනීමට ඇමෙරිකානු බුද්ධි අංශ ක්‍රියාකරමින් සිටින බවත් සී.එන්.එන්. පුවත් සේවය පවසයි.
මෙම වීඩියෝ පටය එම ත්‍රස්ත සංවිධානයේ අල්-ෆුර්ඛාන් මාධ්‍ය ජාලය හරහා නිකුත් කර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
popular news
-
Kumar Tuesday, 30 April 2019 07:29 AM
ඔය බොරුවට නමක් ගන්න හදන කවුද කිව්වනේද ලංකාවේ ත්‍රස්තවාදී ක්‍රියාවලට ISIS සම්බන්දයක් තියෙනවා කිව්වට පිළිගන්න පුලුවන්ද කියල. ඒ වගේ අයද ලංකාව දියුණුකරන්න හදන්නේ.
Reply : 0 0
Champa Tuesday, 30 April 2019 09:44 AM
බොරුවක්. මේක කවද කොහෙද කියල කිසිම් විස්තරයක් නැහැ. අනික මේ මිනිහ ජීවතුන් අතර නැහැයි කියලා කියන්නේ. ක්‍රිස්තියානි පල්ලි වලට ගහපු නිසා IS කියල කියනවා. IS කතා දා ගත්තේ ඇත්තට මේක පිටිපස්සේ ඉන්නේ ඇමරිකාවයි ඉන්දියාවයි කියන එක වහන්න. අනිත් එක ලංකාව ක්‍රිස්තියානි රටක් නෙමෙයි. බෞද්ධ රටක්. මේක වගකීම කවුරුවත් ගත්තේ නැති හින්ද IS එකට දැම්ම. වගකීම ගන්න කෙනෙක් නැත්තේ තව්හීඩ් ජමාත් නායකයාම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් දියත් කරපු හින්ද. කිසිම හේතුවක් ඇතුව කරපු වැඩක් නම් නායකයාම පුපුරුව ගෙන මැරෙන්නේ නැහැ. මිනිස්සුත් මරාගෙන තමනුත් බෝම්බයක් පුපුරුව ගෙන මැරෙනවා කිව්වහම මිනිහගේ අනුගාමිකයෝ මිනිහව අනුගමනය කරන්න කැමති වෙන්න ඇති. මුස්ලිම් පල්ලි වල බෝම්බ කඩු කිනිසි අහු වෙන්නේ සිංහල මුස්ලිම් ජාතිවාදී කලකොහලයක් වෙයි කියල සියයට 100ක්ම විශ්වසෙන් ඉඳල තියෙන හින්ද. එහම වුනා නම් ලක්ෂ ගානක් විතර සිංහල මිනිස්සු මැරෙනවා. මේකෙම මැරිච්ච සහ තුවාල වෙච්ච ගාන 1000ක් විතර. නිරායුධ සිංහල මිනිස්සුන්ට ගහන්න ගත්ත නම් මොන තරම් මැරෙන්න තිබ්බද.
Reply : 0 1

Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.