පාසල් තුළ කොවිඩ් පැතිරීම සඳහා හේතුව ගැන අදහසක්
පාසල් ආශ්‍රිතව කොවිඩ්-19 වෛරසය පැතිරීමට හේතුව මුඛ ආවරණ භාවිත කිරීමේ නීතිය කඩ කිරීම බව එක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ (CDC) අධ්යක්ෂ වෛද්‍ය රොචෙල් වැලෙන්ස්කි අවධාරණය කරයි.
නවතම CDC මගපෙන්වීම් අනුගමනය කරන්නේ නම් පාසල් දැන් නැවත විවෘත කළ නොහැක්කේ මන්දැයි නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වැලෙන්ස්කි පැවසුවේ "අපට ඇත්ත වශයෙන්ම ප්‍රජා රෝග පන්ති කාමරයට ගෙන ඒමට අවශ්‍යතාවක් නැහැ" යනුවෙනි. පාසල් ආරක්ෂිතව නැවත විවෘත කිරීමේදී මුඛ ආවරණ පැලඳීම සහ වෙනත් මහජන සෞඛ්‍ය පියවරයන්හි අවශ්‍යතාව පෙන්වා දෙමින් ඇය මෙම අදහස් පළ කළාය.
"මුඛ ආවරණ නීති කඩ කිරීම පාසල් තුළ වෛරසය සම්ප්‍රේෂණය වීමට හේතු වන බව අප අවබෝධ කරගෙන තිබෙනවා" වැලෙන්ස්කි පැවසීය. "එබැවින් මුඛ ආවරණ භාවිතය අනිවාර්යය වී ඇති බව තහවුරු කර ගැනීම සඳහා අප වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. අඩි හයක් අතර දුරස්ථභාවයක් තිබිය යුතුයි."
මුඛ ආවරණ අනිවාර්යයෙන්ම පැලඳ සිටීම, පාසල් නැවත විවෘත කිරීම සඳහා CDC හි නව මග පෙන්වීමෙහි ඇතුළත් කර ඇති උපාය මාර්ගවලින් එකක් බව කියයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

