ප්‍රහාර නැවැත්වීමට අවශ්‍ය කොන්දේසි පූටින් කියයි
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම නැවැත්වීම සඳහා කියෙව් සටන් නැවැත්විය යුතු අතර, මොස්කව්හි සියලු ඉල්ලීම් ඉටුකළ යුතු බව ජනාධිපති ව්ලැදිමීර් පූටින් ඉරිදා තුර්කි නායක රිසෙප් තායිප් එර්ඩෝගන්ට පැවසීය.
ක්‍රෙම්ලිනයේ මාධ්‍ය සේවයට අනුව, "කියෙව් එහි හමුදාමය ක්‍රියාමාර්ගය නවතා රුසියාවේ ඉල්ලීම් ඉටු කළහොත් පමණක් සිය විශේෂ මෙහෙයුම නතර වනු ඇති" යැයි පූටින් සිය දුරකථන ඇමතුම අතරතුර පැහැදිලි කළේය.
ගැටුමට සාමකාමී විසඳුමක් සෙවීම සඳහා රුසියාව යුක්රේන පාර්ශ්වය සමග මෙන්ම විදේශීය හවුල්කරුවන් සමඟ සංවාදයට සූදානම් බවද ජනාධිපතිවරයා එර්ඩෝගන්ට සහතික විය.
කෙසේ වෙතත්, යුක්රේනය විසින් සිය හමුදා සහ ආයුද රැස්කිරීම වෙනුවෙන් යොදාගත හැකි, සාකච්ඡා ඇදගෙන යාමේ ඕනෑම උත්සාහයක් යුක්රේනයේ ස්වයං-පරාජයක් වනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.


popular news
-
Kumar Monday, 07 March 2022 06:47 PM
dawasendeken watenawa kiyala sithuwa ukeraineye putin erilada? Satan viramayak prakashakarala thibenne rusiyan hamudawata kusginne satankaranna barinisayi. undath hinga athi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

