ප්‍රංශය පැහැරගත් පුරාවස්තු රැසක් යළිත් බෙනින් රාජ්‍යයට භාරදෙයි
ප්‍රංශ යටත් විජිතයක්ව පැවැති බෙනින් රාජ්‍යයේ තිබී පැහැර ගන්නා ලද පුරාවස්තු 26ක් යළිත් එම රාජ්‍ය වෙත ලබාදීමට ප්‍රංශ රජය එකඟත්වය පළ කර තිබේ.
බටහිර අප්‍රිකාවේ පිහිටි එම රාජ්‍ය දැනට වසර දෙකකට පෙරාතුව සිදුකළ ඉල්ලීමක ප්‍රතිඵල ලෙස ඔවුන්ට යළිත් මෙම පුරාවස්තු හිමිවීමට නියමිතව පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එමෙන්ම, කිසිදු පමාවකින් තොරව එම භාණ්ඩ යළි ලබාදෙන බවද ප්‍රංශය පවසා තිබේ. එය බෙනින් රාජ්‍ය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති කෞතුකාගාර ව්‍යාපෘතියක් තුළින් එරට ජනතාවට මෙන්ම, සංචාරයකයන්ටද දැකගැනීමට අවස්ථාව හිමිවනු ඇත.
2016 වසරේදී මෙම පුරාවස්තු තම රටට යළි ලබාදෙන ලෙස බෙනින් රාජ්‍ය පළමු වැනි ඉල්ලීම කළද එම අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප විය. කෙසේ වෙතත්, ප්‍රංශය සිය යටත් විජිත පුරාවස්තු සම්බන්ධයෙන් වූ නීති වෙනස් කිරීමට මෑතකදී ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස බෙනින් රාජ්‍ය වෙත මෙසේ එම පුරාවස්තු නැවත ලැබීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

