පවුලේ ගෞරවය වෙනුවෙන් නංගී මැරූ අයියාට නිදහස?
පවුලට අගෞරවයක් ගෙනාවේ යැයි කියමින් ඝාතනයට ලක්වූ පාකිස්තාන සමාජ මාධ්‍ය තරුවක් වන ක්වන්ඩීල් බලෝෂ්ගේ සොහොයුරා වරදකරු වී වසර තුනකට පසුව එරට අභියාචනාධිකරණයක් විසින් නිදහස් කර තිබේ.
2016 දී බලෝෂ්ගේ ඝාතනය රටම කැලඹීමක් ඇති කළ අතර, එරට ක්‍රියාත්මක වන ඊනියා ගෞරවනීය ඝාතනය සම්බන්ධ නීතිවල වෙනස්කම්ද ප්‍රවර්ධනය කළේය.
වසීම් බලොෂ්ගේ නීතීඥ සර්දාර් මෙහ්මුද් සිය සේවාදායකයා නිදොස් කිරීම තහවුරු කළ නමුත් වැඩිදුර විස්තර ලබා දී නැත. එසේම අධිකරණ නියෝගයද තවම ප්‍රසිද්ධියට පත්වෙලා නැහැ.
වසීම් බලෝෂ් සිය නැගෙණිය ඝාතනයෙන් දින කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගනු ලැබීය. පකිස්තානයේ පන්ජාබ් පළාතේ මුල්තාන් නගරයේ පිහිටි ඇගේ පවුලේ නිවසේදී සිය 25 හැවිරිදි සහෝදරිය ඝාතනය කළ බවට ඔහු පාපොච්චාරණය කළේය. ඒ අනුව මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරද පිළිගත් ඔහු, වර්ෂ 2019 දී ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට නියම විය.
පාකිස්තානය තුළ ආගමික විශ්වාස සමග බැඳී සිදුවන මෙවැනි ඝාතනයන් වෙත තවදුරටත් නීතියේ පිළිසරණ ලැබීම සම්බන්ධයෙන් දෙස් විදෙස් අයිතිවාසිකම් ක්‍රියාකාරුවන් දැඩි කණස්සල්ලට පත්ව සිටියි.



popular news
-
Samantha Wednesday, 16 February 2022 03:34 PM
නගා මැරූ අල කියන නම හැදුනා කියන්නෙත් ඔවැනි සිද්ධියක් නිසා කියලා අහන්න ලැබුනා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

