පලස්තීනයේ ගාසා සහ බටහිර ඉවුර වෙත ආර්ථික ආධාර යටතේ ඇමෙරිකාව ලබාදීමට නියමිතව තිබූ ඩො.මිලියන 200ක මුදල කපා හැරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ.
මෙම අරමුදල් ඇමෙරිකාවේ ජාතික අවශ්‍යතා අනුව යෙදවෙන්නේද යන්න සලකා බැලීමෙන් පසුව මෙම තීරණය ගත් බව ධවල මන්දිර ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
මීට අමතරව, එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය විසින් පලස්තීනය වෙත මුදාහැරීමට තිබූ තවත් ඇ.ඩො.මිලියන 65ක් රඳවා ගෙන ඇති බව සඳහන් වෙයි.
ඇමෙරිකාවේ වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමත් සමග පලස්තීනය හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර සබඳතා දැඩි කඩා වැටීමකට ලක්ව තිබේ.
විශේෂයෙන්ම, ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස ප්‍රකාශයට පත්කරමින් එරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කිරීමට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ට්‍රම්ප් ක්‍රියා කළේය.