රෝමානු කතෝලික පල්ලිය තුළ සිදුව ඇති ළමා අපයෝජන සිද්ධීන් පිටුදැකීම සඳහා ස්ථිරසාර විසඳුමක් ගෙනෙන බව පළමු වැනි ෆ්රැන්සිස් පාප් තුමන් පවසති.
රෝමානු කතෝලික සභාවේ සමුළුවක් අමතමින් ෆ්රැන්සිස් පාප් තුමන් මෙම අදහස් දැක්වීම සිදුකර තිබේ.
මෙම අපයෝජන සිද්ධීන්ට සම්බන්ධ පූජකයන්, සාතන්ගේ හැසිරවීම් බව පවසන පාප් තුමන්, මේ සෑම සිදුවීමක් සම්බන්ධයෙන්ම උපරිමයෙන් ක්රියාකරන බවද අවධාරණය කර තිබේ.
එමෙන්ම, මෙම ළමා අපයෝජන සිද්ධීන් අතීතයේ ආගමික ඇදහිලිවල ළමයින් බිලිදීමේ ක්රියාවට සමාන බවද පාප් තුමන් පවසා ඇත.
ඒ අනුව, මින් ඉදිරියට ළමා අපයෝජන සිදුවීම් වැළැක්වීමට බිෂොප්වරුන් කටයුතු කළ යුතු බවත්, වැරදිකරුවන්ට දඬුවම් පැමිණවිය යුතු බවත් පාප් තුමන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.