පිලිපීනයට බලපා ඇති ෆෑන්ෆොන් සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
පිලිපීනයේ අභ්‍යන්තර කලාපය හරහා හමාගිය මෙම ප්‍රබල සුළි කුණාටුව එම කලාපයට දැඩි අලාභානි සිදුකර ඇත.
උරුසුලා යන නමින්ද හැඳිවෙන මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 190ක පමණ වේගයෙන් සුළං දහරාවන් ඇති කර ඇති අතර, එය පිලිපීනයේ දූපත් කිහිපයක් වෙත අවස්ථා කිහිපයකදී කඩා වැදී තිබේ.
මේ අතර නත්තල් නිවාඩුවට තම ගම්බිම් බලා යාමට පැමිණි දහස් ගණන් ජනතාව වරායන්හි කොටුවී සිටින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
2013 වසරේදී පිලිපීනයට දැඩි අලාභානි සිදුකළ හයියාන් සුළි කුණාටුව බලපෑ ප්‍රදේශයටම මෙම සුළි කුණාටුවද කඩා වැදී ඇති බව කියැවෙයි.